Wednesday, April 24, 2024

General line - 0115112241

අගමැතිට දිගු ලිපියක් ලියා නි. ඇමති තෙවරප්පෙරුම තනතුරක් අතහරී

චම්ලි ඒකනායක




අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම බුලත්සිංහල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධූරයෛන් ඉල්ලා අස්වීමේ ලිපිය, එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (20) බාරදී තිබෙනවා.

තමා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි මතුගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක තනතුරින් ඉවත් කොට, කළුතර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ආසනය වන බුලත්සිංහල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක දූරයට පත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම, තමන්ට දිගින් දිගටම සිදුවූ කෙනහිළිකම් සම්බන්ධයෙන් සහ තමන් පක්ෂය වෙනුවෙන් කළ කැප කිරීම් සම්බන්ධයෙන්ද එම දීර්ඝ ලිපියේ සඳහන් වනවා.

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී බුලත්සිංහල ආසනයේ පළාත් පාලන ආයතන දෙකම පරාජය වූ බවද පවසමින් ඔහු එම ඉල්ලා අස්වීමේ ලිපිය අගමැතිවරයාට ඉදිරිපත්කර තිබෙනවා.

සම්පූර්ණ ලිපිය පහතින් කියවන්න.