Friday, March 29, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය මාත් එක්ක එකතු වෙනවනම් ඒ පෙරහරේ මමත් යනවා

සජිත් තිලකරත්න




ග්ලයිෆොසෙට් කෘෂි රසායන තහනම ඉවත් කිරීමට රජය ගන්නා උත්සාහයට එරෙහිව ගෙන යන වැඩපිළිවෙලේ දී ඒකාබද්ධ විපක්ෂය තමන් සමග එකඟවන්නේ නම් තමන් ද එම පෙරහැරේ යන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

මේ, එහිදී දිනේෂ් ගුණවර්ධන, තුෂාර ඉඳුනිල් හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අතර ඇති වූ සංවාදයයි.


මේ අතර කෝප් කමිටුවේ 05වන වාර්තාව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. ඒ, එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින්. රාජ්‍ය ආයතන 09ක් පිළිබඳ සිදු කළ විමර්ශන එම වාර්තාවට ඇතුළත්. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා පැවසුවේ විමර්ශනයේ දී අදාළ ආයතන ලබාදුන් ප‍්‍රතිචාර ද මෙවර වාර්තාවට ඇතුළත් කර ඇති බවයි.