Friday, March 29, 2024

General line - 0115112241

ජනාධිපති පකිස්ථානයේ තෙදින නිල සංචාරයක 

දිනුක් හේවාවිතාරණ




පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතාගේ ඇරයුමකට අනුව පාකිස්ථාන ජාතික දිනයට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (22) පකිස්ථානයේ තෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කර සිටිනවා.

මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාකිස්ථාන ජනපාධිපති මම්නූන් හුසේන් සහ අග්‍රාමාත්‍ය ෂහීඩ් ඛාකන් අබ්බාසි යන මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් හතරක් අත්සන් තැබීමේ අවස්ථාවටද සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා. 

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉස්ලාමාබාද් නුවර රාජ්‍යතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටා ඇති, ප්‍රතිසංස්කරණය කරන ලද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමටද නියමිතයි.