Thursday, March 28, 2024

General line - 0115112241

විශ්වාසභංග යෝජනාවේ වචනවල අවුලක් ඇති බව අනාවරණයක්

හේමන්ත කහවලගේ




අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබෙනවා. ඒ, ස්ථාවර නියෝගවලට අනුකූලව එය ඉදිරිපත් කර ඇද්දැයි සොයා බැලීම සඳහායි. 

ඒ අනුව විශ්වාසභංග යෝජනාවේ වචන, අන්තර්ගතය, හා එහි කරුණු සලකා බලනු ඇති. කිසියම් උපකල්පන එහි වෙතොත් ඒවා ඉවත් කිරීමට ද නියමිතයි. පාර්ලිමේන්තුවේ යම් රීතියකට පටහැනිව විශ්වාසභංග යෝජනාය ඉදිරිපත් කර ඇද්දැයි යන්න පිළිබඳවද මෙහිදී සලකා බලනු ඇති.
 
නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුනේ යෝජනාවේ ඇතුලත් වචන කිහිපයක නොගැලපීමක් ඇති බවයි. මෙම විශ්වාසභංග යෝජනාව ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂාවලට පරිවර්තනය කිරීමෙන් පසු කථානායකවරයාට භාර දෙනු ඇති. 

ඉන්පසුව දින 05ක් න්‍යාය පුස්තකයේ තැබීමෙන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක් කැඳවා විශ්වාසභංගය විවාදයට ගන්නා දිනය තිරණය කිරීමට නියමිතයි.