Wednesday, April 24, 2024

General line - 0115112241

2018 වසරේ ගතවූ කාලය තුල වෙඩි තැබීමේ සිද්ධින් හා මරණ ගණන මෙන්න 

දිල්ෂාන් තුෂාර




වසරේ ගත වූ දින 80ක කාලය තුළ වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධීන්වලින් පුද්ගලයින් 14 දෙනෙකු ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. සිදු වී ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 15ක්. 

තවත් දෙදෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි ප්‍රකාශ කෙරුණේ. පොල්ගහවෙල, හම්බන්තොට, කොටහේන, කෙසෙල්වත්ත, ආමර්වීදිය, අතුරුගිරිය, බොරැල්ල, තලංගම, මෝදර, ගම්පහ, සෙවණගල, රක්වාන, පන්නල හා ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් වසම්වල දී මෙම වෙඩි තැබීම් සිදුව තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වාර්තා වී ඇති පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. පුද්ගල ඝාතනවලට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු බව සැලකෙන චූලා වසන්ත නමැත්තා ද පොලිසිය ඉකුත්දා අත්අඩංගුවට ගත්තා. 

මේ අතර කතරගම බස් නැවතුම්පොල අසළදී තංගල්ල දිසා බුද්ධි සේවා කාර්යංශයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.