Wednesday, April 24, 2024

General line - 0115112241

මහින්දට වැරදිලා වෙච්ච දේ

ඉෂාර සුපෙම් මානගේ/ වසන්ත පිවිතුරු




පාර්මේන්තුවේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) වැරදීමකින් විනාඩි කිහිපයක් විපක්ෂ නායකයාගේ අසුනේ හිඳගෙන සිටියා.

මහින්ද රාජපක්ෂ මහතා සභා ගැබට පිවිසියේ රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රසන්න රණවීර සහ සනත් නිශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනා සමගින්.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් පසු සභා ගර්භයට පැමිණි හිටපු ජනාධිපතිවරයා ඉදිරි පෙළ ඇති විපක්ෂ නායකයාගේ අසුනේ අසුන් ගත්තා. එම අවස්ථාවේ දී විපක්ෂ නායකයා හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සභා ගර්භයේ රැදී නොසිටි බවයි සඳහන් වුණේ.

ඉන්පසු පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටි වේත්‍රධාරියෙක් හිටපු ජනාධිපතිවරයා විපක්ෂ නායකයාගේ අසුනේ අසුන්ගෙන ඇති බව සනත් නිශාන්ත මන්ත්‍රිවරයා වෙත දැනුම් දැනුම්දී තිබෙනවා. සිද්ධිය දුටු සැනින් වහාම එතනට ගිය මන්ත්‍රි සනත් නිශාන්ත මහින්ද රාජපක්ෂ මහතාට මේ බව දන්වා තිබෙනවා.

මේ අතර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ දිනේෂ් ගුණවර්ධන සිනා සෙමින් හිටපු ජනාධිපතිවරයා ආසන්නයට පැමිණ තිබුණා. 

හිටපු ජනාධිපතිවරයා වෙත සුභ පතමින් ලක්ෂන් කිරිඇල්ල සහ මහින්ද රාජපක්ෂ අතර එහිදී මෙවන් සංවාදයක් ඇති වුණා.

ඇමති කිරිඇල්ල - ඔබතුමා දැන් විශ්‍රාම යන අවදියේ... පුටුවත් සොයා ගන්න බැරි වෙලා නේද? (සිනාසෙමින්)

හිටපු ජනපති මහින්ද -  මට මෙතන පෙන්නලා.. පුටුවේ වාඩි වෙන්න කියලා කිව්වේ අනුර කුමාර දිසානායක. (එසේ කියමින් එම අසුනෙන් නැගිට ගියා)