Thursday, April 25, 2024

General line - 0115112241

රුසියාවේ සිට අමෙරිකාවට යන්න ගිය මන්ත්‍රී නාමල් ආපසු හරවා එවයි

දිනුක් හේවාවිතාරණ




තමන්ට මොස්කව් නුවර සිට අමෙරිකාව බලා යෑමට එමිරේට්ස් ගුවන් සමාගම අවසර නොදීම හේතුවෙන් යළි සිය රට බලා ඒමට සිදුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා. පසුගියදා පැවති රුසියානු ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයෙකු ලෙසින් සහභාගි වීමට මොස්කව් නුවර බලා ගොස් සිටි මන්ත්‍රීවරයා එහිදි මෙම සිදුවිමට මුහුණපා තිබෙන බවයි වාර්තා වන්නේ.

" එමිරේට්ස් ගුවන් සමාගමට අමෙරිකානු බලධාරින් සිදුකළ දැනුම් දීමක් මතයි ඔවුන් මට ගුවන් යානයට ගොඩවෙන්න අවසර නොදුන්නේ. මාගේ නම සම්බන්ධයෙන්වත්, මා ශ්‍රි ලංකාවේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රිවරයෙක් විම හෝ මා මොස්කව් සිට ඇමෙරිකාව බලා යෑම මෙයට හේතුව නොවන බව මට විශ්වාසයි". නමුත් එලෙස මාහට ගුවන් යානයට ගොඩ වීමට ඉඩ ලබා නොදීමට නිසි හේතුව මෙතෙක් තමන්ට දැනුම් දී නොමැති බවද නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා.