Saturday, April 20, 2024

General line - 0115112241

තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ ශක්තිය අපි සතුයි (AUDIO)




එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා කවුරුන්දැයි පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාම ප‍්‍රකාශයට පත්කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා. කෙසේ වෙතත් 2020 ජනාධිපතිවරණයට මුහුණදීමට රනිල් වික‍්‍රමසිංහ මහතා සූදානම් නම් ඔහුට පූර්ණ සහාය ලබාදෙන බවයි මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ. 

ඊයේ (21) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුව අපහසුතාවයට පත්කිරිම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කරන්නේ නම් ඊට තමන් විරුද්ධ බවයි. එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමේ ශක්තිය තමන්ට ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට පහතින් අහන්න.