Saturday, April 20, 2024

General line - 0115112241

මුතුරාජවෙලට STF ආරක්ෂාව! සියලු ගොඩකිරීම් ජනපති අණින් නවතී! නිලධාරීන්ටත් වැඩ වරදී!




මුතුරාජවෙල අභය භූමියට අයත් බිමෙහි  ඉදිකිරීම්, ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලූ කි‍්‍රයාකාරකම් වහාම තහනම් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) අදාල රාජ්‍ය ආයතන වෙත දැනුම් දුන්නා.

ඉඩම් කොටස් ගොඩකිරීම සඳහා  යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබාදී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමට මෙන්ම, මෙවැනි පරිසර විනාශයන්ට අනුග‍්‍රහය දක්වන හෝ දැක්වූ රාජ්‍ය නිලධාරින් සිටීනම් ඔවුන්ට එරෙහිව ද විනය කි‍්‍රයාමාර්ග ගන්නා  ලෙසද ජනාධීපතිවරයා උපදෙස් දී  තිබෙනවා.

මෙම කි‍්‍රයා පිටුපස දේශපාලන බලවේග තිබේ නම් ඒවාට එරෙහිව ද නොපැකිළිව කටයුතු කරන බවද එහිදී සඳහන් කළ ජනාධීපතිවරයා මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන පරිසර විනාශයන් මැඩලීම සඳහා හා එම ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහ ප‍්‍රවේශ මාර්ගවලට මාර්ග බාධක යෙදවීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා.

එහි  පවතින සියලූ ඉඩම් වනජීවි සහ පරිසර සංරක්ෂණ කලාප ලෙස ගැසට් කිරීමේ හැකියාව පිළිබඳව  නීති උපදෙස් ලබාගැනීමට නිලධාරීන් එහිදී දැනුම්වත් කළ අතර සින්නක්කර ඔප්පු සහිත ඉඩමක වුව ද පාරිසරික බලපෑම් ඇතිකරන්නේ නම් එහි ගොඩකිරීම් සහ ඉදිකිරීම් සඳහා ඉඩදිය නොහැකි බවද ජනාධීපතිවරයා  සඳහන් කළා.