Thursday, March 28, 2024

General line - 0115112241

අමෙරිකාවම බිය ගැන්වු "පාර්ස් බෝම්බකරු" සියදිවි නසා ගනියි

දිනුක් හේවාවිතාරණ




පසුගිය සති කිහිපය පුරාවට ඇමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තය තුළ පුපුරා ගිය "පාර්සල් බෝම්බ" ප්‍රහාර මාලාවේ සැකකරු ඔහු විසින්ම නිෂ්පාදනය කර ගත් බෝම්බයක් සිය කාර් රථය තුලදි පුපුරුවා ගනිමින් සියදිවි හානි කර ගත් බවට එරට ආරක්ෂක අංශ සදහන් කර සිටිනවා.

තමන් විසින් පාර්සල් බෝම්බ 07ක් නිෂ්පාදනය කළ බවත් ඉන් 05ක් පුපුරා ගිය අතර, එක් බෝම්බයක් පුපුරා යෑමට පෙර ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබු බවත් අනෙක් බෝම්බය තමා විසින්ම පුපුරා ගෙන මිය යන බවට ඔහු විසින් සිය ජංගම දුරකථනය හරහා කළ " පාපෝච්චාරනයක්" සහිත විඩියෝවක් සොයා ගැනිමට පොලිසිය සමත්වු බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් සදහන් වෙනවා.

මෙලෙස සියදිවි හානිකර ගත් පුද්ගලයා අවුරුදු 23 ක් වන අතර ඔහු රැකියා විරහිත තරුණයෙක් බවත්, මොහු ත්‍රස්තවාදියෙක් බවට කිසිදු හෝඩුවාවක් මෙතෙක් ලැබි නොමැති බවයි ඇමෙරිකානු ෆෙඩරල් පොලිසිය සදහන් කර සිටින්නේ.