Thursday, April 25, 2024

General line - 0115112241

ඩොලරයට අමතරව අනෙකුත් මුදල් අගයනුත් ඉහළට - වාහන මිල නහුතෙට නගී

ඉෂාර සුපෙම් මානගේ




අමෙරිකානු ඩොලරයට අමතරව ජපන් යෙන්, ස්ටලින් පවුම් ආදී මුදල් ඒකකවලද අගය මේවන විට ඉහළ යෑම හේතුවෙන් මෙරට වාහන මිල ගණන් පාලනය කර ගත හොහැකි අන්දමට ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් වාහන වෙළඳපොල තුළ දැඩි අර්බුදයක් උද්ගතව ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

ඒ අනුව රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය ඇතුළු අනෙකුත් විදේශීය මුදල් අගයන්ද ඉහළ යෑම හේතුවෙන් මේ වන විට මෙරට විකිණීමට ඇති වාහනයක මිල රුපියල් ලක්ෂ එකහාමාරේ සිට ලක්ෂ 04ක අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවද පෙන්වා දෙනවා.

සුසුකී වැගන් ආර් වැනි මෝටර් රථයක කැපී පෙනෙන වැඩිවීමක් ඇති බවද සඳහන් කෙරුණා.

විනිමය අනුපාතය ඉහළ යෑම හේතුවෙන් ඉදිරියේදී වාහන මිල ගණන් තව දුරටත් ඉහළ යා හැකි බවයි වාහන ආනයනකරුවන්ගේ සංගම් වැඩි දුරටත් සඳහන් කළේ.