Wednesday, April 24, 2024

General line - 0115112241

HIV කියා පාසලේ කෙණහිළිකම් මැද පන්තියේ පළමුවැනියාත් වන දැරියකගෙන් ජනපතිට ලිපියක්

චම්ලි ඒකනායක/ සුපෙම් මානගේ




ගම්පහ ගණේමුල්ල ප්‍රදේශයේ පාසල් දැරියකට, තම පාසලෙන් කාලයක් තිස්සේ සිදුවන වන අසාධාරණය සම්බන්ධයෙන් යළිත් කතාබහක් ඇතිව තිබෙනවා. ඒ දැරිය විසින් ජනාධිපතිවරයා වෙත ලියන ලද ලිපියක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේද ප්‍රචාරය වීම හේතුවෙන්.

දැරියගේ මව එච්.අයි වී ආසාධිත කාන්තාවක් වනවා. මවට එච්.අයි.වී අසාදනය වී ඇති බැවින් දැරියටද එච්.අයි.වී ආසදනය වී ඇති බව පවසමින්, දැරිය පාසලෙන් ඉවත්කරගන්නැයි විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසන බවයි දැරියගේ බාරකරුවන් පවසන්නේ. කෙසේ වෙතත් දැරියට රෝගකාරක වෛරස ඇතුළුවී ඇතිබවට වෛද්‍යවාර්ථාවලින් තහවුැරුව නැත.

සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, එම දැරිය සහ ඥාතීන් අද (22) තම නිල නිවසට ගෙන්වා ගන්නා බව පැවසුවා. 

දැරිය අධ්‍යාපන අමාත්‍යවරයා හමුවට කැඳවාගෙන ගොස් මීට ස්ථීර විසඳුමක් ලබා දීමට තමා කටයුතු කරනා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ජාතික බෝවන රෝග විද්‍යායතනයේ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ එච්. අයි. වී ආසාධිත කෙනෙකුට වුව පාසල් යාමට, අධ්‍යාපනය ලැබීමට කිසිදු ගැටළුවක් නැති බවය. කිසිවකුත් මේ හේතුව මත දැරියට පාසලෙන්  ඉවත්වීමට බලකරන්නේ නම් එය අසාධාරණයක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. එම චෝදනාව කරන තැනැත්තාට හෝ පිරිසටද එච්.අයි.වී ආසාධනය වී තිබෙන්නට බැරිකමන් නෙමෙැති බවයි වෛද්‍යවරයා පවසන්නේ.

එච්.අයි.වී ආසාධිත තැනැත්කු සමග ලිංගික ඇසුරකදී හෝ වෛරසය ශරීරගතවිය හැකි රුධිරපාරවිලයනය වැනි වෙනත් ක්‍රමයකින් බෝවනවා හැරෙන්නට එවැනි අයෙකු සමග සාමාන්‍ය ඇසුරකදී වෛරසය ශරීරගත නෙවෙන බවයි  විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසන්නේ.

දැරිය ජනාධිපතිවරයා වෙත ලියන ලද ලිපිය.

 දැරියගේ ප්‍රගති වාර්ථා සටහන් පොත