Friday, April 26, 2024

General line - 0115112241

NDB බැංකුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් සුවිශේෂී ඒකකයක්




NDB බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප‍්‍රජාව ඉලක්ක කරගනිමින් විශේෂිත ව්‍යාපාරික බැංකුකරණ ඒකකයක් පසුගියදා පිහිටුවීමට කටයුතු කරන ලදී. මෙම නවතම ව්‍යාපාරික බැංකුකරණ ඒකකය හරහා ඉලක්කගත පාරිභෝගිකයින් වෙනුවෙන් ඉතුරුම්, ආයෝජන ,ණය වැනි පුළුල් පරාසයක පැතිරුණු මුල්‍ය සේවාවන් පිරිනැමීමට NDB බැංකුව කටයුතු කරනු ඇත.

ව්‍යාපාරික ක්ෂේත‍්‍රය නියෝජනය කරන පාරිභෝගිකයින්ගේ අනාගත සෞභාග්‍යය සඳහා විශේෂයෙන්ම සැලසුම් කරන ලද මුල්‍ය සේවාවන් NDB ව්‍යාපාරික බැංකුකරණ ඒකකය මගින් ලබාගැනීමේ හැකියාව තිබේ. සිය ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ මුල්‍ය අවශ්‍යතා වෙනුවෙන් අකර්ෂණීය පොලී අනුපාත සහ සේවා ගාස්තු ලබාදීමට NDB බැංකුව කටයුතු කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය සඳහා කඩිනම් අනුමත කිරීම්ල වෙළෙඳ මුල්‍ය සේවාල බැංකු ඇපකර සහ මොබයිල් බෑන්කින් සේවාව වැනි සේවා රාශියක්ද භෘඊ ව්‍යාපාරික බැංකුකරණ ඒකකය වෙතින් ලබාගැනීමට හැකි අතර ඔබටම කැපවූ බැංකු නිලධාරියෙක්ද අනුයුක්ත වෙි.

කුඩා පරිමාණ ව්‍යාපාර හිමිකරුවන් වෙනුවෙන් බිස්නස් ස්ටාර් ජංගම ගිණුමෙහි සිට මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමිකරුවන් වෙනුවෙන් බිස්නස් ක්ලාස් සහ බිස්නස් ප‍්‍රිමියර් ගිණුම් NDB ව්‍යාපාරික බැංකුකරණ ඒකකය ලබාදෙයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප‍්‍රජාව සමග NDB බැංකුව කටයුතු කරන්නේ වර්ෂ 30කට අධික කාලයක සිටය. ජාත්‍යන්තර ආයතනයන්ගෙන් ලබා ගන්නා මුදල් මෙරට ව්‍යාපෘතීන් සඳහා යෙදවීමේ බෙදාහැරීම් නියෝජිතයෙකු වශයෙන් NDB බැංකුව කටයුතු කරන අතර සෘජුව සහ වක‍්‍රව මේ වන විට සහයෝගය ලබාදී තිබෙන ව්‍යාපෘතීන් සංඛ්‍යාව 150,000කට අධික වේ.

NDB බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ විශේෂ අවශ්‍යතා පිිළිබඳව අවබෝධයක් සහිත මුල්‍ය සේවා සැපයුම්කරුවෙකු බව පැහැදිලිවම ප‍්‍රකාශ කළ හැකිය. NDB ව්‍යාපාරික බැංකුකරණ ඒකකය ව්‍යාපාර පුළුල් කිරීම් හෝ වත්කම් ප‍්‍රතිස්ථාපිත කිරීම් සඳහා ව්‍යාපෘති ණය සහ ප‍්‍රති මුල්‍ය සේවා යෝජනා ක‍්‍රම නම්‍යශීලී කොන්දේසි යටතේ ලබාදීමට කටයුතු කරයි. කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා රුපියල් මිලියන 10 දක්වා ණය පහසුකම් NDB ව්‍යාපාරික බැංකුකරණ ඒකකය විසින් ලබා දෙන අතර දින 3 සිට 7වැනි අවම කාලසීමාවකදී ඔබේ අවශ්‍යතාවයන් සපුරාලීමට කැපවේ.

NDB ව්‍යාපාරික බැංකුකරණ පාරිභෝගිකයින්ට පරිපූර්ණ වෙළෙඳ නිපැයුම් සහ සේවා කළඹක් හිමිවන අතර වෙළෙඳ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සැපයුම්දාම මුල්‍ය සේවාවක් සමග සුවිශේෂී අගය එකතු කළ සේවා රැසක් හිමිකර ගැනීමේ අවස්ථාවද ලැබී ඇත. ඒ අතර NDB ව්‍යාපාරික බැංකුකරණ ඒකකය ලබා දෙන ඩිජිටල් ගනුදෙනු බැංකුකරණ සේවාව නිසා ව්‍යාපාර හිමිකරුවන්ට ඩිජිටල් ක‍්‍රමවේද භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් සිය ගනුදෙනු කරගැනීමේ හැකියාව ලැබී තිබේ. අප රටේ සංවර්ධන ක‍්‍රියාවලිය තුළ NDB ඉටුකර තිබෙන කාර්යභාරය අතිමහත්ය.

නවතම ව්‍යාපාරික බැංකුකරණ ඒකකය සමග සෑම ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයෙකුගේම අනාගත සිහින යථාර්තයක් කරවීම සඳහා NDB කැපවීමෙන් කටයුතු කරයි. ඔබගේ ව්‍යාපාරයන්ගේ ජයග‍්‍රහනය උදෙසා අප ඇප කැපවී ඔබත් සමඟ සැමවිට කටයුතු කරන්නෙමු. NDB ව්‍යාපාරික බැංකු සේවාව පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට ආසන්නතම NDB ශාඛාව වෙත පැමිණෙන්න. නැතිනම් [email protected] යන ඊමේල් ලිපිනයෙන් විමසන්න.

දිනෙන් දින ව්‍යාප්තවන ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක විහිදුණු මූල්‍ය සේවා ලබා දෙමින් තම පාරිභෝගිකයින්ගේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කරගන්නට NDB කැපවීමෙන් කටයුතු කරයි. NDB වෙතින් ලබා ගත හැකි තවත් බොහෝ මුල්‍ය සැලසුම් සහ සේවාවන් පිළිබඳ දැනගැනීමට පැය 24 පුරාම විවෘත ඇමතුම් මධ්‍යස්ථාන අංකය 011 244 8888 අමතන්න.

එසේත් නැතිනම් www.ndbbank.com වෙබ් අඩවියට පිවිසෙන්න.