Saturday, April 20, 2024

General line - 0115112241

ගිනි අවි ඇතුළත් වීඩියෝ ඉවත් කරන්න YouTube තීරණය කරයි

චම්ලි ඒකානයක / දිනුක් හේවාවිතාරණ




ගිනි අවි සහ එම  උපාංග නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් වන සියලුම වීඩියෝ දර්ශන තහනම් කිරීමට YouTube වෙබ් අඩවිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විටත් YouTube වෙබ් අඩවිය තුළ හුවමාරුවූ එවැනි වීඩියෝ වලින් සමහරක් ඉවත් කිරීමටත් එවැනි වීඩියෝ දර්ශණ ප්‍රචාරණය කරනු ලබන වීඩියෝ නාලිකාවන් අත්හිටුවීමටත් එම සමාගම මේවන විට කටයුතු කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

ජනප්‍රිය ගිනි අවි වීඩියෝ බ්ලොග්කරුවන් මේ පිළිබදව YouTube සමාගමට සිය අප්‍රසාදය පළකර තිබෙන බවට වාර්තා වෙනවා. ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ YouTube සමාගමේ මෙම තීරණය "මානව අයිතීන් උල්ලංඝනය වීමක්" ලෙසටයි. 

ගිනි අවි හා වෙඩි උණ්ඩ නිෂ්පාදනය කිරීම, ඒවා පාරිභෝගිකයින්ට විකිණීම සඳහා වන ප්‍රචාරණයන්, ගිනි අවි අලුත්වැඩියා කිරීම හා ඒවා යාවත්කාලීන කිරීම පිළිබඳ වන වීඩියෝ සියල්ල තහනම් කිරීමටද YouTube වෙබි අඩවිය තීරණය කර තිබෙනවා.

ගිනි අවි පිළිබදව විනෝදාංශයක් ලෙස සිය නිර්මාණ හා අදහස් ප්‍රචාරණය කිරීම් පවත්වාගෙන යනු ලබන YouTube නාලිකාකරුවන් මෙම තීරණයත් සමග දැඩිව කලකිරීමකට ලක්ව සිටින බවට වාර්තා වෙනවා. 

මේ අතර YouTube හරහා ගිනි අවි සම්බන්ධයෙන් සමාලෝචානයන් ඉදිරිපත් කල Karl Kasarda, Ian McCollum සහ  InRangeTV යන ප්‍රචලිත බ්ලොග්කරුවන් සිය වීඩියෝ ඉදිරියටත් ප්‍රේක්ෂකයින් වෙත ගෙන යෑම සඳහා ෆේස්බුක් වෙබ් අඩවිය සහ කාමුක දර්ශණ ඇතුලත් වන වෙබ් අඩවි උපයෝගී කර ගන්නා බවට නිවේදනය කර තිබෙනවා.

මේ අතර ඇතැම් පාර්ශවයන් YouTube සමාගම ගනු ලැබූ මෙම තීරණය පිලිබදව සිය ප්‍රසාදය පළකර තිබෙනවා.