Friday, March 29, 2024

General line - 0115112241

වෑන් රියෙන් කොළඹට ගෙනෙමින් තිබූ කෝටි 3ක "අයිස්" මගදි මාට්ටු

ජූඩ් සමන්ත




මදුරන්කුලියේ සිට කොළඹ දක්වා වෑන් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු පුත්තලම බත්තුළුඔය මාර්ග බාධකයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෑන් රථයේ තිබී රුපියල් කෝටි 03ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්. 

මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය මදුරන්කුලියේ සගවා තබා පසුව කොළඹට රැගෙන එන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.