Friday, March 29, 2024

General line - 0115112241

නාඳුනන මළ සිරුරක් දැදුරුඔයෙන් හමුවෙයි 

පුත්තලම - ජුඩ් සමන්ත




නාදුනන පිරිමි නිරුවත් මළ සිරුරක් දැදුරුඔයේ පා වෙමින් තිබියදී ඊයේ (22) රාත්‍රියේදී සොයා ගත් බව හලාවත පොලීසිය සදහන් කරනවා.

හලාවත - සිප්පිකලාන, මැල්ලකැලේ ප්‍රදේශයේදී  දැදුරුඔය ඉවුරට ගොඩ ගසා තිබූ මෙම මල සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් මුලින්ම හලාවත පොලිසිය දැනුවත් කර තිබෙනවා. 

මියගොස් සිටින පුදග්ගලයා කවුරුන්ද යන්න පිලිබදව මෙතෙක් කරුණු අනාවරණය කර ගෙන නැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලිසිය සදහන් කර සිටිනවා.