Friday, April 19, 2024

General line - 0115112241

මිල අඩු ලෙඩ වැඩි ඖෂධ ප්‍රතිපත්තියක්! නැහැ ට්‍රම්ප් පාවිච්චි කරන්නේත් මේවාමයි

සමන්ත කුමාර




රජයේ රෝහල්වලින් ලබා දෙන ඖෂධවල සහ ඒවායේ භාවිත වෛද්‍ය උපකරණ වල ගුණාත්මක භාවය පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඊයේ සංවාදයක් ඇති වුණා. 

විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි, "රටේ බෙහෙත් නිෂ්පාදනය නවත්තල ඉන්දියාවෙන් අඩු මිලට බෙහෙත් ගේනව. ඒවායේ ගුණාත්මකභාවය අඩුයි. මේ නිසා ඇමතිතුමා අඩුවෙන් බෙහෙත් දෙනව. ඇත්ත මිල අඩුයි. හැබැයි ඇමතිතුමා අනුගමනය කරල තියෙන්නේ මිල අඩු ලෙඩ වැඩි ප්‍රතිපත්තියක්." යැයි පැවසුවා. 

ඊට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, "වෛද්‍ය විද්‍යාව ගැන කිසිම දැනුමක් නැති අය මාධ්‍ය හරහා ඖෂධ ගැන කතා කරනව. දැනට අපේ රටේ රෝගීන් සඳහා දෙන වෛද්‍ය උපකරන සහ ඖෂධ අමෙරිකාණු ප්‍රමිතියෙන් යුතු ඒවා. ඩොනල්ඩ් ට්‍රම්ප් වුණත් පාවිච්චි කරන ප්‍රමිතියෙන් තමයි ඒවා හැදෙන්නේත්. දැනට ඖෂධ නිෂ්පාදනයට කර්මාන්තශාලා දෙකක් විවෘත කරල තියෙනව. මේ අවුරුද්ද අවසන් වෙද්දී ඖෂධ වලින් 80%ක් මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක තමයි මහාචාර්ය සේනක බිබිලේගේ තුන්වැනි ප්‍රතිපත්තිය." යි පැවසුවා.