Saturday, April 20, 2024

General line - 0115112241

යොවුන් පුරේ පුරපති රුවන් සුදේෂ්




9 වන යොවුන් පුරය වැඩසටහනේ ප්‍රමුඛ කාර්යයක් වන යොවුන් පුර නගර සභාව සහ එහි නිලධාරී මණ්ඩලය පත් කිරීම හා නිල ලාංඡන පැළඳවීම ජාතික තරුණ සේවා සභාවේ සභාපති   නීතිඥ එරන්ද වැලිඅංගේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ කුරුණෑගල, නිකවැරටිය පශු සම්පත් මණ්ඩල පර්යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී.

 

මෙහිදී 2018 යොවුන් පුර නගර සභාවේ පුරපති ලෙස ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ හිටපු සංවිධායක රුවන් සුදේෂ් තේරී පත්වුණා. මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ  නිලධාරීන් සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ නායකයින් හා යොවුන් පුර නගර සභාවේ සභිකයින් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියා.