Thursday, April 25, 2024

General line - 0115112241

ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ගේ අත්තනෝමතික කි‍්‍රයා නිසා ජිම්නාස්ටික් ක්‍රීඩකයින්ට අසාධාරණයක්

නිශාන් ද සිල්වා




ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ගේ අත්තනෝමතික කි‍්‍රයා හේතුවෙන් ජිම්නාස්ටික් කී‍්‍රඩකයින් තුන්දෙනෙකුට මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල අහිමි වීමේ අවදානමක් ඇතැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසනවා. නෙත් ස්පෝර්ට්ස්මන්ද  මීට පෙර මේ පිළිබඳව කරුණු අනාවරණ කළා. එම සංවිධානය ඊයේ (22) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වීමෙන් ශී‍්‍ර ලංකා ජිම්නාස්ටික් සංගමයේ හිටපු සභාපති අරුණ ප‍්‍රසාද් කියා සිටියේ මෙවර තම පුත‍්‍රයාටද අසාධාරණයක් වී ඇති බවයි.

ඕස්ටේ‍්‍රලියාවේ ගෝල්ඩ් කොස්ට් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ලයීය කී‍්‍රඩා උළෙලට මෙවර ඇතුළත් කර ඇත්තේ ජිම්නාස්ටික් කී‍්‍රඩිකාවන් පමණයි. 

ශී‍්‍ර ලංකා ජිම්නාස්ටික් සංගමයේ හිටපු සභාපති අරුණ ප‍්‍රසාද්ගේ පුත‍්‍රයා වන ඩිල්ෂාන් කවීන්ද එ් පිළිබඳව මෙහිදී කතාබහට ලක්වුණා.

මාධ්‍ය හමුවට එක්ව සිටි, ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ගේ අසාධාරණයට ලක් වූ තවත් ජිම්නාස්ටික් කී‍්‍රඩකයෙකු වන හංස ගයාෂාන්ද මෙහිදී අදහස් පළ කළා.

කී‍්‍රඩකයින් සිදු කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම කී‍්‍රඩකයින් මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල සඳහා නියමිත වේලාවට ලියාපදිංචි නොවීම හේතුවෙන් ඔවුන්ට අවස්ථාව අහිමි වී ගිය බවයි.

කෙසේ වෙතත් මෙම ගැටලූවට ජනාධිපතිවරයා හෝ ක‍්‍රීඩා අමාත්‍යවරයා මැදිහත් වන්නේ නම් මෙම ජිම්නාස්ටික් කි‍්‍රඩකයින් තිදෙනාට අවශ්‍ය අනුග‍්‍රහය ලබාදීමට සූදානම් බවයි සත්‍ය ගවේෂකයෝ සංවිධානය කියා සිටියේ.