Thursday, March 28, 2024

General line - 0115112241

විශ්වාසභංගයේදී ශ්‍රීලනිප ඡන්ද පක්ෂවද විපක්ෂවද තීරණය ජනපති අතේ!

කසුන් කැළුම්




අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව භාර දී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විවාදයේදී සහ ඡන්ද විමසීමේදී කෙසේ කටයුතු කළ යුතුදැයි ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා සිය පාකිස්තාන සංචාරය නිමවා යළි මවුබිමට පැමිණීමෙන් පසු මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.  

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ, ආණ්ඩුව සමග සිටින කණ්ඩායමේ මන්ති‍්‍රවරුන් 04 දෙනෙකු අදාළ විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබෙනවා. 

මේ අතර අග‍්‍රාමාත්‍යවරයාට සහය පළ කරන යෝජනාවක් සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්තී‍්‍රවරුන් ඊයේ (22) අත්සන් තබා ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. මන්තී‍්‍රවරුන් 70 දෙනෙකු මේවනවිට ඊට අත්සන් තබා ඇතැයිද එහෙත් එක්සත් ජාතික පෙරමුණේම ඇතැම් මන්ති‍්‍රවරුන් තවමත් ඊට අත්සන් නොතබා දෙහිඩියාවෙන් පසුවන බවද දේශපාලන ආරංචි කියා සිටියා.