Thursday, April 25, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ නව ආරක්ෂක උපදේශක බුෂ් පාලනයේ ප්‍රබලයෙක්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් එරට ජාතික ආරක්ෂක උපදේශක තනතුර සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු වන ජෝන් බෝල්ටන් පත් කර තිබෙනවා. ඒ මේ දක්වා එම ධූරයේ කටයුතු කළ එච් ආර් මැක්මාස්ටර් ඉල්ලා අස්වීමත් සමගයි.

ජෝන් බෝල්ටන් එරට හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ පාලන සමයේද ප‍්‍රබල රාජ්‍යතාන්ති‍්‍රක නිලධාරියෙකු කටයුතු ලෙස කටයුතු කළා. කෙසේවෙතත් සිය වසරක ධූර කාලය තුලදී ජනාධිපති ට‍්‍රම්ප් සිය ජාතික ආරක්ෂක උපදේශක තනතුර සංශෝධනය කළ තෙවන අවස්ථාව මෙය වනවා.

එසේම අදාළ කාලසීමාව තුලදී ජනාධිපතිවරයාගේ කාර්යය මණ්ඩලයේ සංශෝධනයක් සිදු වූ 41 වන අවස්ථාවද මෙයයි.