Friday, March 29, 2024

General line - 0115112241

පාසල් සිසුවියත් ප්‍රාදේශීය සභාවට තේරෙයි (PHOTO)

ඉෂාර සුපෙම් මානගේ/ජූඩ් සමන්ත




පසුගියදා පවත්වන ලද පළාත් පාලන මැතිවරනයේ ප්‍රතිඵල අනුව පාසල් සිසුවියක් ප්‍රාදේශීය සභාව සඳහා තේරී පත්ව තිබෙනවා.

ඇය නාත්තණ්ඩිය කුඩාවැව පදිංචි චන්දි සුභා තෙන්නකෝන් සිසුවියයි. මේ වන විට 18 වැනි වියේ පසුවන ඇය නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙහි විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබනවා.

මේ වසරේ අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයට මුහුණ දීමට ඇය මේ වන විට සූදානමින් සිටිනවා.

ඇය මේ වන විට නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාව සඳහා ලැයිස්තුගත නියෝජිතවරියක් සේ කටයුතු කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. ඒ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්.

එම මැතිවරණයේදී ඇයට සිය කුළුඳුල් ඡන්දය තමන් වෙතම ප්‍රකාශ කිරීමටද අවස්ථාව හිමි වුණා.