Saturday, April 20, 2024

General line - 0115112241

රන්ජන් අධිකරණයට අපහාස කළාද? අධිකරණයට දන්වන්නැයි නීතිපතිට නියෝගයක්




 

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පසුගිය අගොස්තු මස 21 දා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාසයක් වී ඇද්ද යන නිරීක්ෂණය  කොට අධිකරණයට දන්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නීතිපතිවරයාට නියෝග කළා.

එම ප්‍රකාශයට අදාල වීඩියෝ දර්ශන වලට අදාල පිටපත  ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති බව විනිසුරු සිසිර ද ආබෘ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දන්වා සිටියා.

 මෙම පෙත්සම් දෙක ජූනි  4 දා යලි කැදවීමට නියමිතයි .

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මෙම පෙත්සම් මාගල්කන්දේ සුදන්ත හිමි ඇතුළු පාර්ශවයන් දෙකක් විසින් ගොනු කර තිබෙනවා.