Thursday, April 25, 2024

General line - 0115112241

කුලියාපිටියෙන් ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත්වූ පුංචි පුතා උපකාර මැද සතුටින් පාසල් යයි




 

"HIV බියක්" හේතුවෙන් පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානය  හිමිකර ගත් කුලියාපිටියේ දරුවා දැනට පදිංචිව සිටින කුලී නිවසේ කුලී මුදල වාර්ෂිකව ලබාදීමට අබාන්ස් පෞද්ගලික ආයතනය මේ වසරේදීත් කටයුතු කරනු ලැබුවා.

මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය හදාරන කුලියාපිටියේ දරුවා දැනට පදිංචිව සිටින කුලී නිවසේ කුලී මුදල 2016 වසරේ මාර්තු මාසයේ සිට වාර්ෂිකව ලබාදීමට එම ආයතනය ඉදිරිපත් වුණා.

ඒ අනුව 2018 වසර සඳහා වන කුලී මුදලට අදාළ චෙක්පත  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.

සමාජ සංවේදී සිදුවීම්වලදී මානුෂීයව මැදිහත්වීම පිළිබඳ පුද්ගලිකවම එම ආයතනයට තමා ස්තූතිවන්ත වන බව මෙහි දී  අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

"HIV බියක්" හේතුවෙන් පසුගිය වකවානුවේ සමාජය තුළ වැඩි අවධානය  හිමි කර ගත් කුලියාපිටිය දරුවාගේ  ඉදිරි අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කර ගෙන යාම සඳහා ඔහු දැනට ඉගෙනුම ලබන මහනුවර ප‍්‍රදේශයේ පාසල ආසන්නයෙන්ම නිවසක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ සෘජු උපදෙස් මතයි.

(මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා ද එක්ව සිටියා.)