Friday, April 19, 2024

General line - 0115112241

ප්‍රධාන මාර්ගය යටින් නටඹුන් මතු වෙයි (PHOTOS)

රොෂාන් තුෂාර - පොළොන්නරුව




පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය සංවර්ධය කිරීමේදී ඓතිහාසික දීප උයන ආසන්නයේ කැණීමකදී පුරාවිද්‍යා නටබුන් මතුව තිබෙනවා. 

ඊයේ (22) මෙසේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කැනීම් කටයුතු සිදු කිරීමේදී ඉපැරණි ගල් කණු මතුව තිබෙනවා. පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ ගල් ඇතිරීමක් මෙහි දක්නට ඇති බවයි.

මේ අනුව එසේ අතිරි තිබු ගල් කණු තුනක් ගැලවී ගොස් ඇති අයුරු දක්නට ලැබුණා.