Tuesday, April 23, 2024

General line - 0115112241

චෝදනා ලබා සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ඉවතට

හේමන්ත කහවලගේ




ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරී ලෙස කටයුතු කළ කමනී හෙට්ටිආරච්චි එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඇගේ සැමියා යුද හමුදාවට ආහාර සපයන ආයතනයක සේවයේ යෙදී සිටීමත් ඒ නිසා සිදුවිය හැකි අක‍්‍රමිකතා වැළැක්වීමත් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.  

සිය සේවය නිසි ලෙස ඉටු නොකළ බවටද කමනී හෙට්ටිආරච්චිට චෝදනා පැවතියා. මේවනවිට ඇය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට අනියුක්ත කර සිිටින බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර පුරප්පාඩු වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරී ධූරයට යුද හමුදාවේ ප‍්‍රධාන ගණකාධිකාරී ලෙස කටයුතු කළ තමරා අධිකාරී පත් කර තිබනවා. යුද හමුදාවේ ප‍්‍රධාන ගණකාධිකාරී ලෙස පත් කර ඇත්තේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ගණකාධිකාරී වූ නිමල් කරුණාරත්නයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනියුක්ත කිරීමට පෙර කලක් ඔහු යුද හමුදාවේ නියෝජ්‍ය ගණකාධිකාරී ලෙසද කටයුතු කර තිබෙනවා.