Thursday, April 18, 2024

General line - 0115112241

ෆොන්සේකාගේ නිල ඇඳුම ගැන වාසුගෙන් ප්‍රශ්න වැලක් - අන්තිමේ ලැබුණ උත්තරේ මෙන්න

සමන්ත කුමාර




අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකාට හමුදා ඇඳුමෙන් පාර්ලිමේන්තුවට පැමිණිය හැකිදැයි පාර්ලිමේන්තුවේදී අද (23) ප‍්‍රශ්ණයක් නැගුණා. මෙම ප‍්‍රශ්ණය ඇසූයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර වාසුදේව නානායක්කාර විසින්. අග‍්‍රාමාත්‍යවරයාගෙන් පිළීතුරු අපේක්ෂාවෙන් වාසුදේව නානායක්කාර මන්ති‍්‍රවරයා මෙම ප‍්‍රශ්ණය අසනු ලැබුවා. කෙසේවෙතත් ඊට පිළිතුරු ලබා දුන්නේ අමාත්‍ය ගයන්ත කරුණාතිලකයි.

අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆෝන්සේකාට හමුදා නිල ඇඳුමෙන් සහභාගී විය හැකි උත්සව අවස්ථා මොනවාදැයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රශ්ණ කෙරුණා. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවේ උත්සව අවස්ථා සඳහා හමුදා නිල ඇඳුමෙන් සහභාගී වීමට අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆෝන්සේකාට හැකියාව තිබෙන බවයි. එසේනම් පාර්ලිමේන්තුවේ උත්සව සඳහාද හමුදා නිල ඇඳුමෙන් සහභාගී වීමට ඔහුට හැකිදැයි වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා වැඩිදුරටත් ප‍්‍රශ්ණ කළා.

ඊට ප‍්‍රතිචාර දැක්වූ කථානායක කරූ ජයසුරිය පැවසුවේ ඒ පිළිබඳ සොයා බලා පිළිතුරක් ලබා දෙන බවයි.