Wednesday, April 24, 2024

General line - 0115112241

සල්ලි ගෙවා ලුණු වතුර බොන කළුතර ජනතාව

ඩිල්ෂාන් මඩවල




මාස කිහිපයක් තිස්සේ ලූණු මිශ‍්‍ර ජලය පානය කිරීමට සිදුව ඇතැයි කළුතර සහ අවට වැසියන් පවසනවා. ගං වතුර සමයේදී ජලය බැස්සවීම සඳහා කපන ලද මෝය කට තවමත් වසා දමා නොතිබීම නිසා මුහුදේ ජලය කලූ ගඟට මිශ‍්‍ර වීමෙන් තමන් මෙලෙස පීඩාවට පත්ව සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මුහුදු ඛාදනයද මේ නිසා වේගවත් වී ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

අවිධිමත්ව මහා පරිමාණයෙන් සිදු කෙරෙන වැලි ගොඩ දැමීමද මෙම තත්ත්නයට හේතුවක් වී ඇතැයි නෙත් නිවුස් කළ නිරීක්ෂණයකදී දැනගන්නට ලැබුණා.