Friday, March 29, 2024

General line - 0115112241

අර්ජුන් ඇලෝෂියස් ගේ ඇප අයැදුම කල්යයි

අධිකරණ වාර්තාකාරු 




පර්පචුවෙල් ටෙ‍්‍රෂ්රීස් හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇප ඉල්ලා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම ලබන 29 වනදා සලකා බැලීමට අද (23) දින නියම කළා. ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා අද නිවාඩු ලබා ගෙන ඇති බැවින්. 

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සිදුවූ ප‍්‍රශ්ණගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඔවුන් චෝදනා ලබා සිටිනවා. මෙම සැකකරුවන් විසින් ගොනු කරන ලද ඇප අයැදුම් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හා කොළම මහාධිකරණය විසින් මීට පෙර ප‍්‍රතික්ෂේප කෙරුණා. එකී නියෝග දෝෂ සහිත බව පවසමිනුයි සැකකරුවන් අභියාචනාධිකරණය හමුවේ ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර ඇත්තේ.