Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති එක්වූ පකිස්ථාන ජනරජ සමරුම (PHOTOS)




පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙල අද (23) පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවරදී අභිමානවත් අයුරින් පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූයේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

උත්සව භූමිය වෙත ගිය ජනාධිපතිතුමා පාකිස්ථාන අගමැති ෂහීද් කඛාන් අබ්බාසි මහතා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා.

අනතුරුව ජනාධිපතිතුමා විශේෂ පීඨිකාව වෙත කැදවාගෙන යනු ලැබූ අතර පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමාව පිළිගනු ලැබූවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පැමිණිමත් සමග උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර දෙරටේ ජනාධිපතිවරු ඇතුථ පිරිස විශේෂ පීඨිකාවේ සිට හමුදා උත්තමාචාර පෙළපාලිය සහ විචිත්‍රවත් ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට එක්විය.

පාකිස්ථාන හමුදාව මෙන්ම බහරේන්, ජෝර්දාන්, එක්සත් අරාබි එමිර් රාජ්‍ය ඇතුළු රටවල හමුදාවන් මෙම ගුවන් සංදර්ශනය සදහා එක්ව සිටියා.

පැය 03 කට ආසන්න කාලයක් පැවති ජනරජ දින සැමරුම් උළෙල අලංකාරවත් සංස්කෘතිකාංග රැසකින් ද වර්ණවත් වී තිබුනා.

මෙහිදී උත්සව සභාව ඈමතු පකිස්ථාන ජනාධිපතිවරයා  ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර මිතුදමේ සුවිශේෂී සටහනක් තබමින් තම නිල ඇරයුම පරිදි පාකිස්ථාන ජන රජ දින සැමරුම් උළෙලට සහභාගීවූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එහිදී පාකිස්ථාන ජනාධිපතිවරයා සිය හෘදයාංගම ස්තූතිය පිරිනැමුවා.