Friday, March 29, 2024

General line - 0115112241

වාද්දුව, කළුතර, අලූත්ගම ඇතුළු ප‍්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

තරංග රුක්ෂාන් ජයසේකර




වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ සහ පයාගල ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ලබන සදුදා පැය එකොලාහාමරක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා. ඒ, පෙරවරු 08 සිට රාත‍්‍රී 7:30 දක්වායි. 

පිලමිනාවත්ත, බෝම්ඹුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලූත්ගම, දර්ගානගරය හා බෙන්තොට යන ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති. විදුලි බල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ. ඒ අනුව එම කාලසීමාව තුල කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලි සැපයුම එම කාල සීමාව තුල අත්හිටවනු ඇති.