Thursday, April 25, 2024

General line - 0115112241

අයර්ලන්තය අසරණ කරමින් ඇෆ්ගනිස්ථානය ලෝක කුසලාන තරගාවලියට

දිනුක් හේවාවිතාරණ/ කසුන් කැලුම්




2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබිමට ඇෆ්ගනිස්ථානය අද (23) සුදුසුකමි ලැබුවා. ඒ අයර්ලන්තය කණ්ඩායම කඩුළු 05 කින් පරාජයට පත් කරමින්.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුලදී කඩුළු 7 ක් දැවී ලකුණු 209 ක් රැස් කරන ලදියි. පිළිතුරු ඉණිම  ක්‍රීඩා කල  ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49.1 ක් තුලදී කඩුළු 5 ක් පමණක් දැවී සිය ඉලක්කය (213/5) සපුරා ගැනීමට සමත් වුනා.

මේ අනුව 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ රටවල් වන්නේ ඉන්දියාව,  ශ්‍රී ලංකාව , ඔස්ට්‍රේලියාව, පකිස්ථානය, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම්ය.