Thursday, April 25, 2024

General line - 0115112241

කතරගම වෙඩික්කරුවන් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




කතරගම බස්නැවතුම්පල ආසන්නයේදි රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියෙකුට පසුගිය සඳුදා අළුයම ත්‍රීරෝද රථයකින් පැමිණ වෙඩි තබා සැඟව සිටි සැකකරුවන් දෙදෙනා  නීතිඥයකු මාර්ගයෙන් කතරගම පොලිසියට අද (23) බාරවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර සිටිනවා.  

රාජ්‍ය බුද්ධි අංශ නිළධාරියාට වෙඩි තැබිමට සැකකරුවන් විසින් යොදා ගත් ගල් කටස් වර්ගයේ ගිනිඅවිය හා ත්‍රීරෝද රථයද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් අවුරුදු 30 ක් පමන අයවළුන් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා