Tuesday, April 23, 2024

General line - 0115112241

දහම් පාසල් අවසාන විභාගය අද සහ හෙට

නිශාන් ද සිල්වා




දහම් පාසල් අවසාන සහතික පත‍්‍ර විභාගය අද (24) සහ හෙට පැවැත්වෙනවා. ඒ, විෂයන් හතරක් යටතේයි. මෙවර දහම් පාසල් අවසාන සහතික පත‍්‍ර විභාගය සඳහා දහම් පාසල් 7500ක අපේක්ෂකයන් 98,640 දෙනෙකු පෙනී සිටිනවා. ඒ අතරට ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටින අපේක්ෂකයින් 84 දෙනෙකු ද අයත්.

රට පුරා මධ්‍යස්ථාන 691කදී විභාගය පැවැත්වීමට නියමිතයි. විභාග රාජකාරී සඳහා යොදවා ඇති පිරිස 7500ක්. 

අපේක්ෂකයන් සඳහා වන ප‍්‍රවේශ පත‍්‍ර දහම් පාසල් වෙත යොමු කර ඇතැයිද විභාගය සඳහා පැමිණීමේදී අපේක්ෂකයන් එය රැගෙන ආ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.