Thursday, April 25, 2024

General line - 0115112241

වැලිගම නගරාධිපති තනතුර නිසා එජාපයේ අර්බුධයක්

ටී.කේ. මහින්ද




වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් දිනා ගත් පළාත් පාලන ආයතන කිහිපයක බලය ගිලිහී යමින් තිබියදී බලය රැකගත් පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් පත් කිරීම සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට ලක්ව සිටිනවා.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී වැලිගම නගරසභාවේ බලය හිමිකර ගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. එහි සභාපති තෝරාගැනීම සදහා වූ රහස් ජන්දයකදී එක්සත් ජාතික පක්ෂයේ අරීන්ද්‍ර සරත් කුමාරට වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමි කර ගත්තා. එහෙත් වැලිගම නගරසභාවේ සභාපති ලෙස රෙහාන් ජයවික්‍රම පත් කිරීමටයි එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිඛෙන්නේ. මෙම තීරණයට විරෝධය පල කරමින් වැලිගම නගරයේදී අද (24) උද්ඝෝෂණයක්ද පැවැත් වුණා. ඒ වැලිගම නගරසභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වී සිටින සභිකයින් කිහිප දෙනෙකුගේද සහභාගීත්වයෙන්. 

වැලිගම නගරසභාවේ මුළු සභිකධූර සංඛ්‍යාව 18 දෙනෙක්. එක්සත් ජාතික පක්ෂයට 12ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හා ජනතා විමුක්ති පෙරමුණට 03 බැගින් එම සභිකධුර ඛෙදී ගියා.