Thursday, April 25, 2024

General line - 0115112241

මිතුරා ඝාතනය කර දිවි හානිකර ගත් තරුණයා

ඩිල්ෂාන් මඩවල




හුංගම, අදුපැලෑන ප්‍රදේශයේදි පුද්ගලයෙකු සිය මිතුරෙකු ඝාතනය කර ඔහුද දිවි හානිකර ගෙන තිබෙනවා. දෙදෙනා අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙනුයි මෙම අපරාධය සිදුව ඇත්තේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 16 වන වියේ පසු වුවෙක්. තියුණු ආයුධයකින් පහර දිමෙන් ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සදහන් කරනවා.

මෙම ඝාතනය සිදු කළ බව කියන පුද්ගලයා 23වන වියේ පසු වුවෙක් වන අතර ඔහු දිවි හානිකරගෙන ඇත්තේ බස් රථයකට පැනීමෙන් බව නෙත් නිවුස් වාර්තාකරු සදහන් කර සිටියේ.