Thursday, April 25, 2024

General line - 0115112241

රොෂේන් ගෙන් ද්විත්ව ශතකයක්

ඩිල්ෂාන් මඩවල




සුපර් ෆෝ අන්තර් පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී ද්විත්ව ශතකයක් රැස් කිරීමට ගාල්ල කණ්ඩායම නියෝජනය කරන රොෂේන් සිල්වා අද (31) සමත් වුණා. ඒ, කොළඹ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයකදීයි. අද මෙම තරගයේ දෙවන දිනය වූ අතර දිනය සඳහා තරගය නතර කරන විට කොළඹ කණ්ඩායම සිය පළමු ඉණිම සඳහා කඩුලූ 02ක් දැවී ලකුණු 104ක් රැස් කරගෙන සිටියා. ඒ, ගාල්ල කණ්ඩායම පළමු ඉණිම සඳහා සියලූදෙනා දැවී රැස්කර ගත් ලකුණු 476ට පිළිතුරු වශයෙන්. රොෂේන් සිල්වා එහිදී ලකුණු 231ක් ලබා ගත්තා. 

මෙම තරගාවලියේ දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් අතර තරගයේ දෙවන දිනය අදයි. දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉණිම සහා පන්දුවට පහරදෙන මහනුවර කණ්ඩායම කඩුලූ 03ක් දැවී ලකුණු 232ක් රැස්කරගෙන සිටියා. ඒ, දඹුල්ල කණ්ඩායම පළමු ඉණිම සඳහා සියලූදෙනා දැවී රැස්කර ගත්  ලකුණු 480ට පිළිතුරු වශයෙන්. ආශාන් ප්‍රියන්ජන් එහිදී ලකුණු 156ක් ලබාගත්තා.