Thursday, April 25, 2024

General line - 0115112241

ක්‍රීඩකයින්ට බැන වැදුනොත් ඕස්ට්‍රේලියානුවන්ට වැඩ වැරදියි

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන්




තම කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ යහපත් කල්ක්‍රියාව ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ඉදිරියේදී නව නීති මාලාවක් ගෙන ඒමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් වන හිටපු නායක මාර්ක් ටේලර් පවසනවා.

පසුගිය දකුණු අප්‍රිකානු සංචාරය අතර තුරේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ විනය විරෝධී හැසිරීම් අවස්තාවන් කිහිපයක් ඉස්මතු වීම නිසා මින් ඉදිරියට ක්‍රිකට් ආයතනය වශයෙන් තම ක්‍රීඩකයින්ගේ හැසිරීමේ පිලිබදව මිට වඩා සැලකිලිමත් වීමට තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තරග අතර තුරේදී  සිය ප්‍රතිවාදීන්ට වාචිකව හා ශාරීරිකව කරන අඩත්තේට්ටම් වලට එරෙහිව නිත්‍යානුකුල පියවර ගැනීමට හා අවශ්‍ය වුවහොත් එලෙස හැසිරෙන ක්‍රීඩකයින්ගේ තරග තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සඳහා වන යෝජනාව ඉදිරි ක්‍රිකට් ආයතන රැස්වීමට ඉදිරිපත් කරන බවයි මාර්ක් ටේලර් ඕස්ට්‍රේලියානු මාධ්‍ය සමග පවසා ඇත්තේ.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක කුවින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් වෝනර් අතර පළමු ටෙස්ට් තරගයේදී ඇතිවූ බහින්බස්වීම අවසානයේදී ක්‍රීඩාගාරය තුලදී ගැටුමක් බවට පත්වීම හා පන්දුව පළුදු කිරීමේ චෝදනාව ඇතුළු අමිහිරි සිදුවීම් රැසක් ඇතිවීම හරහා සිය රටේ ක්‍රිකට් කණ්ඩායමේ විනය පිරිහීම නතර කර ගැනීම අවශ්‍ය බවත්, ක්‍රිකටි ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාව නිසා එහි විනය උපරිමයෙන් තබාගෙන යෑම වැදගත් බවයි මාර්ක් ටේලර් මෙහිදී පවසා සිටියේ.