Saturday, April 20, 2024

General line - 0115112241

පාකිස්ථානයේ කරච්චි නුවර දැඩි ආරක්ෂක රැකවල්

තරංග රුක්ෂාන් ජයසේකර




වසර 9කට පසු පාකිස්ථානයේ කරච්චි නුවර අද (01) ඡාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් පැවැත්වෙනවා. එහිදී පකිස්ථානයේ ප්‍රතිවාදීන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. දෙරට අතර පැවැත්වෙන්නේ පන්දුවාර 20 තරඟ 3ක්. තරඟාවලිය හේතුවෙන් පකිස්ථානයේ කරච්චි නුවර දැඩි ආරක්ෂක රැකවල් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කළේ. 

2009 වසරේදී පකිස්ථානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රිඩාංගනය ආසන්නයේදී ශ්‍රි ලංකා කණ්ඩායම රැගත් බස් රථයකට ත්‍රස්ථ ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ඡාත්‍යයන්තර ක්‍රිකට් කණ්ඩායම් පකිස්ථානයට පැමිණීම ප්‍රතික්ෂේප කළා. 

ඉකුත් වසරේදී ශ්‍රි ලංකා කණ්ඩායම පළමු වරට පන්දුවාර 20 තරඟයක් සදහා පකිස්ථානයේ සංචාරයක නිරත වුණා.