Thursday, April 25, 2024

General line - 0115112241

අයෙක් පැහැරගත් 4ක් අත්අඩංගුවට




ජා-ඇල කැප්පෙටිපොළ මාවත ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිවුදෙනෙකු ජා-ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එ් පැහැර ගැනීමට යොදා ගත් ති‍්‍රරෝද රථයද සමගයි. ඔවුන් පන්නිපිටිය තලවතුගොඩ සහ ජා-ඇල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් විසින් අදාළ පුද්ගලයා පැහැරගෙන ගොස් ඔහු සතුව තිබූ රුපියල් අසූදහසක් වටිනා රන් මාලයක් සහ රුපියල් තිස්දහසක මුදලක්ද කොල්ලකා තිබුණා. පොලිසිය පැවසුවේ සැකකරුවන් සතුව තිබූ මුදල් සහ රන් මාලයද සොයා ගත් බවයි. ඔවුන් අද මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.