Thursday, March 28, 2024

General line - 0115112241

ඉතිහාසයේ දැවැන්තම ටෙස්ට් ජය දකුණු අප්‍රිකාවට

තරංග රුක්ෂාන් ජයසේකර




1934 වසරින් පසු ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ දැවැන්තම ජයග‍්‍රහණය වාර්තා කිරිමට දකුණු අපි‍්‍රකාව අද (03) සමත්වුණා. ඒ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 492 කින් පරාජයට පත් කරමින්. මෙම ජයග‍්‍රහණයත් සමග දකුණු අපි‍්‍රකාව ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය 3 ට 1ක් ලෙස ජය ගත්තා. 

එය සටහන් වූයේ 1970 වසරින් පසු ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව දකුණු අපි‍්‍රකානු කණ්ඩායමක් සිය රටේදී වාර්තා කළ පළමු  තරගාවලි ජය ලෙසයි. 

අද අවසන් වූ ටෙස්ට් තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අපි‍්‍රකාව ලකුණු 498ක් රැස්කළ අතර ඔස්ටේ‍්‍රලියාව පළමු ඉනිමට රැස්කළේ ලකුණු 211 ක් පමණයි. කඩුලූ 06කට ලකුණු 344ක් ව තිබියදී දකුණු අපි‍්‍රකාව සිය දෙවෙනි ඉනිම අත්හිටවූවා. ඒ අනුව ඔස්ටේ‍්‍රලියාවට හිමිවූ ඉලක්කය ලකුණු 612ක්. එහෙත් ඔස්ටේ‍්‍රලියාවට ලබා ගත හැකි වූයේ ලකුණු 119ක් පමණයි.