Thursday, March 28, 2024

General line - 0115112241

බර උසුලා දිනූෂා ඉතිහාස ගත වෙයි (UPDATE)

කසුන් කැලුම් - ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් සිට




21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දෙවන පදක්කම දිනා ගැනිමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. එ් කාන්තා බර ඉසිලීම කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන්. දිනූෂා ගෝමස් එහි ලෝකඩ පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකා බර ඉසිලීමේ ඉතිහාසය වෙනස් කළා.

ඇය ඉතිහාසගත වූයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වකින් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් දිනා ගත් පළමු පදක්කම ලෙසයි. ඇය එස වූ මුළු බර 155 ක්. එම බර පන්තියේ රන් පදක්කම ඉන්දීය ක්‍රීඩිකාවක් දිනා ගත් අතර රිදී පදක්කම මුරිසි දිවයිනේ ක්‍රීඩිකාවක් විසින් දිනා ගත්තා. 

----------------------------------------

පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළලේ පළමු පදක්කම චතුරංගට 

05-04-2018 07:55

ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය කි‍්‍රඩා උළෙලේදී බර ඉසිලීම ඉසව්වවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශි‍්‍ර ලංකාවේ චතුරංග ලක්මාල් සමත්වුණා. ඒ කිලෝග්‍රෑම් 56ක් බර පන්තියෙන් තරග වදිමින්. චතුරංග ලක්මාල් විසින් ඔසවන ලද බර ප‍්‍රමාණය කිලෝග්‍රෑම් 248ක්. මෙය ශ්‍රී ලංකා වාර්තාවක් වනවා.

මෙම ඉසව්වේ රන් පදක්කම මැලේසියාවටත්, රිදි පදක්කම ඉන්දියාවටත් හිමිවුණා. බැඞ්මින්ටන් සහ ස්කොෂ් යන ඉසව් වලටද ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කි‍්‍රඩිකාවන් අද සහභාගී වනවා.