Wednesday, April 24, 2024

General line - 0115112241

එජාප ප්‍රතිසංවිධාන යටතේ නායකත්වය වෙනස්විය යුතුයි (AUDIO)



දේශපාලන කරළියේ සිදු වෙමින් තිබෙන පෙරළි පිළිබඳව ඊයේ (09) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී ද සාකච්ඡා කෙරුණා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඊට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පැවසුවේ සිදු වෙමින් තිබෙන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන යටතේ එහි නායකත්වය වුවද වෙනස් විය හැකි බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙම අවස්ථාවේ වෙනස් විය යුතු නොමැති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මීට පෙර කියා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ද මෙම සංවාදයට එක්වුණා. ඔහු පැවසුවේ වංචාව සහ දූෂණය පිටු දැකීම තවදුරටත් රටේ ප්‍රමුඛතාවක් විය යුතු බවයි.

ඊයේ (09) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන මෙතැනින් අහන්න.