Friday, April 19, 2024

General line - 0115112241

රාජකීය මංගල්‍යට සංගීතය සපයන 19 හැවිරිදි කළු ජාතික තරුණයා

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බිබිසි යෞවන සංගීතඥයා ලෙස සම්මානයට පාත්‍රවූ පළමු කළු ජාතික සංගීතඥයා වන 19 හැවිරිදි ෂෙකු කාන්නා-මේසන් හට හැරී කුමරුගේ විවාහ මංගල උත්සවයේදී සංගීතය සැපයීම සඳහා තෝරා ගෙන තිබෙනවා.

මේ අතර තම විවාහ දිනයේදී සිය දෙවන මනමාලයා ලෙසට කටයුතු කිරීමට පැමිණෙන ලෙස හැරී කුමරු සිය වැඩිමහල් සහෝදරයා වන විලියම් කුමරු හට ආරාධනා කර ඇති බව කේන්ස්ටන් මාළිගය විසින් ඊයේ (26) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

හැරී කුමරු හා මේගන් මාර්ක්ලේ ගේ විවාහ උත්සවය ලබන මස 19 වනදා පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් වෙමින් පවතිනවා. 

හැරී කුමරුන්ගේ දෙවන මනමාලයා කවුරුන් විය හැකි බවඳ යන්න ගැන විවිධ මත පලවෙමින් තිබු අවස්ථාවකයි ඔහු සිය වැඩිමහල් සහෝදරයාට සිය ආරාධනා කර ඇත්තේ.

සිය සහෝදරයා වන හැරී කුමරුගේ ආරාධනය විලියම් කුමරු විසින් ඉහලින් පිළිගත් බවයි කේන්ස්ටන් මාලිගය විසින් නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

2011 වසරේදී කේට් මිඩ්ල්ටන් හා විලියම් කුමරුගේ විවාහ උත්සවයේදී, විලියම් කුමරුගේ දෙවන මනාලයා ලෙස කටයුතු කරනු ලැබුවේ හැරී කුමරු විසින් විමද විශේෂත්වයක් වනවා.

 


 

..............................................................................................................................................................................................................................................................................

ලොවම බලා සිටින රාජකීය විවාහ උත්සවයේ භාරදූර කටයුත්තක් 'ශ්‍රී ලාංකික කාන්තාවකට' පැවරෙයි (12-04-2018 02:22) (UPDATE)

එංගලන්ත රාජකීය පවුලේ මීළග විවහෝත්සවය ලබන මැයි මස 19 වෙනිදා ලන්ඩනයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වීමට මේවන විට සියලුම වැඩකටයුතු සුදානම් කරමින් පවතිනවා.

හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ මෙම විවාහයට මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල දැඩි අවධානයක් යොමුවී තිබෙන අතර රාජකීය යුවලගේ මංගල ඇදුම් සැකසීම කරන්නේ කවුරුන්ද, විවාහ සඳහා තෝරා ගන්නා මල් වර්ගය ගැන පවා මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවලට උණුසුම් පුවත් මවමින් තිබෙන මොහොතක එම රාජකීය විවාහය ආවරණය කිරීම සඳහා අවසර ලැබී තිබෙන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් ද සිටින බවට වාර්තා වනවා.

ඒ, කැනඩා ගුවන් විදුලි සංස්ථාවේ සහ කැනේඩියානු රූපවාහිනී නාලිකාවෙහි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් සිදුකරන ඈන් මේරි මැදිවකයි. කැනඩාවේ සම්මානනීය ප්‍රවෘත්ති නිවේදිකාවක් වන ඈන් මේරි මැදිවක 2011 වසරේ ටොරන්ටෝ කාන්තාව නම් ගෞරව සම්මානයන් පවා පිදුම් ලබා තිබෙනවා.

1975 වසරේදී මහනුවර, දුම්බර ප්‍රදේශයේදී උපත ලබා ඇති ඈන් මේරි මැදිවක ඉන් පසුව සිය දෙමව්පියන් සමග කැනඩාවේ ස්ථිර පදිංචියට ගොස් තිබෙනවා. තමාට අවුරුදු 18 ක් සපිරෙනවාත් සමග කැනඩාවේ තරුණයින් සම්බන්ධයෙන් වන වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කිරීමට පටන් ගන්නා ඇය ක්‍රමක් ක්‍රමයෙන් තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගන්නවා.

හැරී කුමරු සහ මේගන් මාර්කල් ගේ විවාහොත්සවය ආවරණය කිරීමේ භාරදුර වගකීමක් කැනේඩියානු රුපවාහිනි නාලිකාව සහ එරට ගුවන් විදුලි සංස්ථාව ඈන් මේරි මැදිවක හට පැවරීමට ප්‍රධාන හේතුව ඇය මේවන විට එරට සිටින ප්‍රධාන පෙලේ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ගොඩනගා ගෙන තිබෙන ස්ථාවරයයි.