Friday, April 26, 2024

General line - 0115112241

මස්කෙළියේ මංගල රැස්වීමත් අවුල්

රංජිත් රාජපක්ෂ - හැටන්




මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම අද එම ප‍්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා. ඊට එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 7 දෙනෙකු කළු පටි පැළද සහභාගිවීම හේතුවෙන් එහි උණුුසුම් තත්ත්වයක් හටගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පසුගිය 28 වනදා මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේදී පළාත් පාලන කොමසාරිස්වරයා අනුගමනය කළ කි‍්‍රයාපටිපාටියට විරෝධය දක්වමින් එම මන්තී‍්‍රවරුන් කළු පටි පැළද තිබෙනවා. මෙම රැස්වීම වෙනුවෙන් ප‍්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිට අද දිනයේ දැඩි පොලිස් ආරක්‍ෂාවක්ද යොදවා තිබූ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.