Friday, April 19, 2024

General line - 0115112241

ටාජ්මහලේ කොත් දෙකකට සුළගින් හානි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටි සුප්‍රසිද්ධ ටාජ් මහලේ ප්‍රවේශ දොරටුව අසල පිහිටි කුලුනේ මිනිත් (කොත්) දෙකකට හානි සිදුව තිබෙනවා. 

ඒ, පැයට කිලෝමීටර් 130 ක පමණ වේගයකින් හමා ගිය සුළගකින් අඩි 12 ක් පමණ උසැති මෙම කුළුණු දෙක කඩා වැටී ඇති බවයි ටාජ් මහලේ සේවකයින් සඳහන් කරන්නේ.

ලොව ජනප්‍රියතම සංචාරක ආකර්ෂණයක් ඇති 17 වන ශතවර්ෂයේ ඉදිකරන ලද ටාජ් මහල නැරඹීම සඳහා දිනකට සංචාරකයින් 12,000 ක් පමණ පැමිණෙනවා. 

විනාශ වූ කොත් වලින් එකෙක් රාජකීය ද්වාරයෙහි පිහිටා තිබෙන අතර එය බොහෝ විට ස්මාරකයක පෙනුමක් සංචාරකයන්ට ලබා දෙන බවයි බළධාරීන් සඳහන් කරන්නේ.

විනාශවූ කොත් දෙක යලි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩකටයුතු මේ වන විට ආරමිභ කර ඇති බවයි ඉන්දීය බළධාරීන් සඳහන් කර සිටින්නේ.