Thursday, April 25, 2024

General line - 0115112241

අලුත් අවුරුදුදා ජනපතිට සුබ පතන්න ඔබට අවස්ථාවක්

දිනුක් හේවාවිතාරණ




සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ජනාධිපතිතුමාට සුබ පතන්න ජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා.

හෙට (14) දිනයේ අවුරුදු නැකැත් චාරිත්‍ර කොළඹ, මහගම සේකර මාවතේ පිහිටි නිල නිවසේදී සිදුකිරීමට ජනාධිපතිතුමා සූදානමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය අද (13)  නිවේදනය කළේ.

මෙහිදී ජනාධිපතිතුමාට සුබ පැතුම් එක් කිරීමට ජනතාවට එක්විය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.