Thursday, April 18, 2024

General line - 0115112241

විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයෝත් උදා වූ අලූත් අවුරුද්ද සමරති (PHOTOS)

ඩිල්ෂාන් මඩවල




විදෙස් රටවල වෙසෙන බොහෝ ශී‍්‍ර ලාංකිකයන්ද අද සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද සමරමින් චාරිත‍්‍රා ඉටු කළා. ඇතැම් රටවල අවුරුදු උත්සවද සංවිධාන කර තිබුණු බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

එංගලන්තයේ ලන්ඩන් නුවර නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුම පැවසුවේ එහිද අවුරුදු උත්සවයක් සංවිධාන කර ඇති බවයි.

 ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී අද අවුරුදු උත්සව පැවැත්වුණා. නැකැත් චාරිත‍්‍රද ඉටුකළ බවයි එහි සිටින ශී‍්‍ර ලාංකිකයන් පැවසුවේ.

දකුණු කොරියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන්ද චාරිත‍්‍ර ඉටුකරමින් අද සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද පිළිගත්තා.

ශී‍්‍ර ලාංකිකයන් බොහෝ දෙනෙකු රැුකියාවල යෙදී සිටින මැදපෙරදිග රටවල, ඉන්දියාව සහ ජපානයේද අද චාරිත‍්‍ර ඉටුකරමින් සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද සමරා තිබෙනවා.