Saturday, April 20, 2024

General line - 0115112241

"මාව කුපිත කරන්න එපා" පුටින්ගෙන් හදිසි නිවේදනයක්

වසන්ත පිවිතුරු - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය වහාම රැස්කරන ලෙස රුසියානු ජනාධිපති විලැදිමිර් පුටින් හදිසි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. තමන්ව කුපිත නොකර වහාම රැස් කරන ලෙස මෙම නිවේදනය මගින් ඔහු ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පල කර ඇත්තේ.

බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව එක්ව සිරියාවේ ඩමස්කර් නුවරට එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාරය හෙළා දකිමිනුමි පුටින් මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ. 

අමෙරිකාව සහ ඔවුන්ගේ හිතවත් රාජ්‍යයන් සම්බන්ධයෙන් හදිසි තීරණයක් ගැනීම සම්බන්ධයෙනුයි ඔහු එක්සත් ජාතින්ගේ ආරක්ෂ මණ්ඩලය වහාම රැස්කරන ලෙස ඉල්ලා ඇත්තේ. 

මෙය අමෙරිකානු ආක්‍රමණයේ ආරම්භයක් බවට තමන් දකින බවද රුසියානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. එමෙන්ම සිරියාවේ වත්මන් තත්ත්වය හමුවේ එහි ජාත්‍යන්තර සබඳතා බිඳ වැටී ඇති බවයි පුටින් පෙන්වා දෙන්නේ.  මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සිතා නොසලකා හැරිමෙන් වලකින ඉල්ලා ඇති ඔහු තමන්ව කුපිත කිරිමට කටයුතු නොකරන්නැයි දැඩි ලෙස සඳහන් කර ඇති බවද විදෙස් වාර්තා පවසනවා.