Friday, April 19, 2024

General line - 0115112241

ඇමරිකාවට එරෙහිව ගිහින් පුටින් දෙවැනි වතාවටත් පරදියි

වසන්ත පිවිතුරු - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවට එරෙහිව ජගත් ආරක්ෂක කවුන්සිලය වෙත රුසියාව ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ අදාළ යෝජනාව රුසියාව විසින් පසුගියදා ජගත් ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි. සිරියාවට ‍එරෙහිව අමෙරිකාව සහ අමෙරිකාවේ හිතවත් රටවල් ඒකාබද්ධව සිදුකරන මෙහෙයුම් හෙළා දකින බවයි රුසියාව සඳහන් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් සිරියාවේ රුසියානු න්‍යෂ්ඨික අවි ගබඩාවක් ලෙස සැළකෙන ඩවුමා වෙත ගොස් ඒ පිළිබඳව සොයා බැලිය යුතු බවයි රුසියාව අදාළ යෝජනාව මගින් පෙන්වා දී තිබුණේ. රුසියාවේ මෙම යෝජනාවට ජගත් ආරක්ෂක කවුන්සිලයේ සාමාජික රටවල් 15න් රටවල් 09ක් ඊට පක්ෂව ඡන්දය භාවිත නොකිරිම හේතුවෙන් එය පරාජයට පත්ව ඇති බවයි අනාවරණය වුණේ. මෙහිදී ජගත් ආරක්ෂක කවුසිලය පෙන්වා දී ඇත්තේ රුසියාව සහ අමෙරිකාව මේවන විට තමන්ගේ බලය සම්බන්ධයෙන් අරගලයක් ඇති කරගෙන ඇති බවයි. තමන්ගේ බල අරගලය තහවුරු කිරිම සඳහා සිරියාව යොදා නොගෙන සිරියාවේ ගැටළු විසඳීම සඳහා දෙපාර්ශ්වය පොදු එකඟතාවයකට පැමිණෙන ලෙස ආරක්ෂක කවුසිලය මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ අතර අමෙරිකාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය එක්ව සිරියාවට ඊයේ (14) දිනයේ දී ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජගත් ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්කරන ලෙස රැසියානු ජනාධිපති විලැදිමිර් පුටින් ඉල්ලීමක් කළා. ඒ අනුව රැස්වු ආරක්ෂක කවුසිලයේ දී  ප්‍රකාශයක් සිදුකරමින් එහි මහලේකම් ඇන්ටනියෝ ගුට්රෙස් කියා සිටියේ සිරියාවට එරෙහිව අමෙරිකාව,බ්‍රිතාන්‍යය හා ප්‍රංශය විසින් දියත් කළ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් රුසියාව සිය විරෝධය පල කර ඇති බවයි.

එය නතර කරන ලෙස ඉල්ලා රුසියාව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවද ඔහු එහිදී දැනුම් දුන්නා. කෙසේ වෙතත් අදාළ යෝජනාවට චීනට හා බොලිවියාව සහාය පල කර තිබෙනවා. අමෙරිකාව,බ්‍රිතාන්‍යය,ප්‍රංශය, නෙදර්ලන්තය, ස්වීඩනය, ක්වේටය,පෝලන්තය සහ අයිවර් කෝස්ට් රාජ්‍යය වැනි රටවල් 8ක් විරෝධය පල කර තිබුණා.

රටවල් 4ක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා. ඒ අනුව රුසියාව ගෙන ආ හදිසි යෝජනාව  ජගත් ආරක්ෂක කවුන්සිලයේ දී පරාජයට පත්ව තිබෙනවා.